ගංවතුර අවදානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සූදානම්
2022-05-16 18:47:19
Share with:

පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවදානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට බස්නාහිර සහ දකුණු පළාත් හී ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගනී.

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, කළුතර බුලත්සිංහල සහ පරගොඩ ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් 01 බැගින් ද යොමු කර ඇති අතර, දකුණු නාවික විධානය මගින් ගාල්ල තවලම සහ නාගොඩ ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් 02 බැගින් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම