දිගු කාලීන නොවෙනස් යහපත් අපේක්ෂා සහිත චීන ආර්ථිකය
2022-05-16 21:36:02
Share with:

අද (16) චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අප්‍රේල් මාසයේ චීනයේ ප්‍රධාන ආර්ථික දත්ත නිකුත් කර තිබේ. සංකීර්ණ හා බැරෑරුම් ජාත්‍යන්තර තත්ත්වය හා චීනයේ මෑතදී මතු ව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් මාසයේ චීනයේ ප්‍රධාන ආර්ථික දර්ශක තුළ පහත වැටීමක් දක්නට ලැබේ. චීනයේ දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය ඊට බල පා ඇතැයි චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් එය කෙටිකාලීන වෙනසක් මිස එයින් චීන ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වයට බාධා එල්ල නොවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

චීන රජය සැමවිටම ජනතාවගේ ‍ජීවිත ආරක්ෂාවට හා සෞඛ්‍යයට මුල් තැන දෙයි. එය චීනය කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී අනුගමනය කරන වෙනස් නොවන මූලික ප්‍රතිපත්තියයි. දැනට චීනය ගෙන ඇති වසංගත පාලන පියවර මගින් රටේ ඇතැම් ප්‍රදේශවල නිෂ්පාදන කටයුතු හා ජනතාවගේ ජීවිතයට බලපෑම් ඇති වී තිබේ. එහෙත් එය කෙටි කාලීන තත්ත්වයක් පමණි. කොවිඩ් වසංගතය ඵලදායී ලෙස පාලනය කළහොත් ආර්ථිකයේ ස්ථාවර වර්ධනය සහතික කළ‍ හැකි යැයි චීන රජයේ මතය වී ඇත.

චීනයේ විශාල වෙළඳපොළේ සැලකිය යුතු ශක්තිය තවමත් තිබෙන බවත්, චීන ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරීත්වය තවමත් පවතින බවත්, අද (16) චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වූ තවත් කාරණයකි. බිලියන 1.4ක ජනගහණයක් සිටින චීනයේ  කෝටි 40ක පමණ මධ්‍යම ආදායම්ලාභී පිරිසක් සිට්ති. අංගසම්පූර්ණ කාර්මික පද්ධතියක් සහ ප්‍රබල සැපයුම් ශක්තියෙන් යුත් නිෂ්පාදන කර්මාන්තයක් චීනයට හිමි වී තිබේ. විවෘතභාවය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරමින් චීනය සතුව ඇත්තේ තිරසර ආර්ථික වර්ධනයට අවශ්‍ය සියලු අංග ය. එබැවින් දැනට යම් පහත වැටීමක් දක්නට ලැබුණ ද චීන ආර්ථිකය දිගුකාලීන ව යහපත් අන්දමින් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ..

 

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම