අභි‍යෝග මධ්‍යයේ වුවද චීන ආර්ථිකයේ ගුණාත්මක වර්ධනය අඛණ්ඩව
2022-05-16 10:56:16
Share with:

උච්ඡාවචන බලපෑම් මධ්‍යයේ වුවද චීන ආර්ථීක වර්ධනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනය නොවෙනස්ව පවතී.

චීන ජාතික ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක, ජාතික ආර්ථීක සංයුක්ති ලේඛන කාර්යාලයේ අධ්‍යක්ෂ Fu Linghui මහතා අද(16) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.

මෙම  වසරේ‍ මේ දක්වා , චීන ආර්ථීක සංවර්ධනය පහළ යාමේ බලපෑම් තවදුරටත් වැඩි වී තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ ආර්ථීකයට වසංගතයෙන් විශාල බලපෑමක් එල්ල වී ඇත. එහෙත් චීන ආර්ථීකයේ ස්ථාවරත්වයට හා දිගුකාලීනව යහපත් ලෙස සංවර්ධනය වීමේ මූලික ප්‍රවණතාව වෙනස් නොවන බව හෙතෙම පැහැදිලි කළේ ය. චීන ආර්ථීකය සංවර්ධන ඉලක්කය ඉටු කිරීමේ ධනාත්මක සාධකයන් සාපේක්ෂව ප්‍රමාණවත් වන බව ද එහිදී අවධාරණය කෙරිණ. 


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම