ඉදිරි සති කිහිපය ජනතාවට අසීරු කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා කියයි
2022-05-15 16:33:47
Share with:

ඉදිරි සති කිහිපය මෙරට ජනතාවට අසීරු කාලයක් වනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ,  ආර්ථික තත්ත්වය, ඉන්ධන සහ පොහොර තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරන ලද  සමාලෝචනයකින් පසුවයි. පෙර සූදානමක් නොතිබුණු බැවින්, එහි යම් හිඟයකට ඉදිරියේදීත් මුහුණදීමට සිදු වනු ඇති බව ද, අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

තමා ඒ සම්බන්ධයෙන් අද (මැයි 15) විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ද වික්‍රමසිංහ මහතා  පැවසීය.

මේ අතර,  ශ්‍රී ලංකාවේ ආර්ථික අවදානමට දැඩිව ලක්ව සිටින දරුවන්ට ආහාර ලබාදීම සහ ගොවීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනැමීමට නවසීලන්තය පියවර ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම