ජනතා ගැටලු විසඳීමට එක්වන්නැයි අගමැතිගෙන් විපක්ෂ නායකට ඇරයුම්
2022-05-14 16:47:52
Share with:

සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන්නැයි,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇරයුම් කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව  එක්වීමේ අවශ්‍යතාව  වික්‍රමසිංහ මහතා සිය  ලිපියෙන් අවධාරණය කර ඇත. මේ මොහොතේ ගනු ලබන තීරණ රටේ අනාගත දිශානතියට ඍජුව බලපාන බව ද හෙතෙම පෙන්වාදෙයි.

දිනෙන් දින උග්‍ර වන ජනතා ප්‍රශ්න අප්‍රමාදීව විසඳීමට සමගි ජන බලවේගයට ආරාධනා කරන අතර,මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් තමා ධනාත්මක පිළිතුරක් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම