හිටපු අගමැති ඇතුළු 17කට විදෙස් ගමන් තහනම්
2022-05-13 16:46:45
Share with:

ගාලුමුවදොර “ගෝටා ගෝ ගම” සහ කොල්ලුපිටිය “මයිනා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව,  හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුගේ  විදේශ ගමන් තහනම් කෙරේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) මෙසේ නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය ද මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වෙති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම