චීනය ජාත්‍යන්තර වශ්‍යයෙන් තවමත් ප්‍රමුඛතම ආයෝජන ගමනාන්තය වෙයි
2022-05-13 20:19:48
Share with:

චීන වාණිජ අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ චීනයේ සැබෑ විදේශ ප්‍රාග්ධන භාවිතය පෙර වසරේ සමාන කාලයට වඩා  20.5%කින් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ සිට චීනය විදේශ ආයෝජන සඳහා කැපීපෙනෙන දේශයක් බවට පත් විය. චීන වාණිජ අමාත්‍යාංශ දත්තවලට අනුව, මේ වසරේ මුල් මාස හතර තුළ චීනය යුවාන් බිලියන 478.61 ක විදේශ ප්‍රාග්ධනය භාවිතා කළ අතර එය පසුගිය වසරේ සමාන කාලයට වඩා  20.5% ක වැඩිවීමකි.

මේ වසරේ මුල් මාස හතර තුළ චීනයේ විදේශ ආයෝජන ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අතර, දකුණු කොරියාව, ඇමරිකාව සහ ජර්මනිය විසින් චීනයේ සැබෑ ආයෝජන පිළිවෙළින් 76.3%, 53.2% සහ 80.4% කින් වැඩි විය.දේශීය හා විදේශීය වශයෙන් කොරොනා වසංගතය යළි පැතිරීම සහ ජාත්‍යන්තර තත්වයේ විචල්‍යයන් වැඩිවීම වැනි අනපේක්ෂිත සාධක හමුවේ,විදේශ ප්‍රාග්ධනය යොදවන්නන් අතිශය ඉහළ කැමැත්ත පළකිරීම චීනය තවමත් ඔවුන්ට උණුසුම් නැවතුම් ස්ථානයක් බව සනාථ කර ඇත.

නව කොරොනා වසංගතය පැතිරී ගිය දා සිට, සැපයුම් දාමයේ සහ කාර්මික දාමයේ ස්ථාවරත්වය සහ සුමට බව සහතික කිරීම සඳහා චීනය බහුවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එය චීන වෙළඳපොළ මැනැවින් යොදාගැනීමට සහ චීනයේ දිගුකාලීන සංවර්ධනයක් තෝරා ගැනීමට විදේශීය අරමුදල් සපයන ව්‍යාවසායන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් කර තිබේ.

මාර්තු මාසයේදී චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2022 චීන ව්‍යාපාරික පරිසරය පිළිබඳ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ, චීනය තවමත් ව්‍යවසායන්ගේ මෑතකාලීන ගෝලීය ආයෝජන සැලසුම්වලින් 60% ක ප්‍රමුඛතම ආයෝජන ගමනාන්ත තුනෙන් එකක් බවයි. ව්‍යවසායන්ගෙන් 66% ක් මේ වසරේ චීනයේ ආයෝජනය වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම