තායිවානය සහභාගි වන්නේ නම් ගෝලීය වසංගත විරෝධී සමුළුවට එක් විය නොහැකි බව චීනය පවසයි
2022-05-13 19:43:33
Share with:

තායිවානයට ආරාධනා කරන බවට ඇමරිකාව අවධාරණය කරන හෙයින්, ගෝලීය වසංගත විරෝධී සමුළුවට සහභාගි විය නොහැකි බව චීනය පවසයි.

චීනයේ ගම්භීර ස්ථාවරය නොතකා, එකම චීනය මූලධර්මය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ සම්මුතියට පටහැනිව, සමුළුවට  සහභාගි වීමට තායිවානයට ආරාධනා කරන බව ඇමරිකාව අවධාරණය කළේය. දෙවන ගෝලීය වසංගත විරෝධී වීඩියෝ සමුළුවට සහභාගි වීමට චීනයට නොහැකියැයි,  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian අද (13) පැවති නිත්‍ය මාධ්‍ය  හමුවේදී පෙන්වා දුන්නේය  .

ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් කිරීමේ සහ වසංගතයට එරෙහිව විද්‍යාත්මකව සටන් කිරීමේ සියලු ප්‍රයත්න චීනය සාදරයෙන් පිළිගන්නා නමුත්, වසංගතයට එරෙහි සටන ඔස්සේ දේශපාලන උපාමාරුවල යෙදෙන ඕනෑම රටකට විරුද්ධ වන බව ද Zhao Lijian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම