ලෝකය අවුල් සහගත වීම ඇමරිකාවේ පරම සතුටයි
2022-05-13 11:32:12
Share with:

ලොව සුපිරි බලවතා යැයි කියන ඇමරිකාවට, එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූප කිහිපයක් තිබේ.

වරක දැඩි මසුරුකමින් තම රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන හෝ නොතකන ඇමරිකාව, බලවත් රටක් ලෙස ජාත්‍යන්තර වගකීම්  පවා භාර ගැනීමට අකමැති වේ.

එහෙත් තවත් විටෙක, ත්‍යාගශීලීත්වය පෙන්වමින්, යුද්ධ ආරම්භ කිරීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට ඇමරිකාව පසුබට වන්නේ නැත.

පසුගිය 10වැනිදා, ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යුක්රේනයට ඇ.ඩො. බිලියන 40ක ආධාර සැලසුමක් අනුමත කළේ ය. එයින් ඇ.ඩො. බිලියන 25ක් පමණ හමුදා ආධාර වේ. නමුත් මධ්‍යම ඇමරිකානු රටවල සංවර්ධන ආධාර ප්‍රශ්නයේ දී, වසර හතරක සාකච්ඡා මගින් අදාළ රටවලට සතයක තරම් මුදලක් හෝ පරිත්‍යාග කිරීමට  ඇමරිකාව අපොහොසත් විය.

මෙතෙක් ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇ.ඩො. බිලියනයකට වඩා ණය වී සිටී. නමුත් පසුගිය මාර්තු මාසයේ, ඇමරිකානු ජනාධිපති, කොංග්‍රසයට ඉදිරිපත් කළ 2023 මූල්‍ය අයවැයේ ඇතුළත් හමුදාමය වියදම් ප්‍රමාණය ඇ.ඩො. බිලියන 813.3ක් වේ. මෙය එම වියදම් පිළිබඳ ඉතිහාසගත වාර්තාවකි. එසේම රජයේ වියදම් සැලැස්මක් ලෙස, කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා ඇ.ඩො. බිලියන 15.6ක වියදමක් ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්හැර දමා, ඒ වෙනුවට, යුක්රේනයට ආධාර කිරීම සඳහා ඇ.ඩො. බිලියන 13.6 ක වියදමක් එක් කර තිබේ. එම කාලය තුළ, එරට නව කොරොනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව මිලියනයකට ආසන්න වී තිබීම ද කැපීපෙනේ.

ඇෆ්ගනිස්ථාන අර්බුදයේ ආරම්භකයා වූ ඇමරිකාව, එහි ප්‍රතිඵල කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා ඉන් පිටව ගියේය. ඇෆ්ගනිස්ථාන ජනතාවට උදා කළ ව්‍යසනකාරී විනාශය වෙනුවෙන් කිසිදු වන්දියක් නොගෙවූ ඔවුන්, ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඇ.ඩො. බිලියන ගණනක ජීවිතාරක්ෂක මුදල් ද  පැහැරගෙන තිබේ.

මෙය අතිශය මසුරුකමින් පමණක් නොව, උඩඟු, අධිපතිවාදීත්වයෙන් යුතු මංකොල්ලකෑමකි. 'දුෂ්ට ඇමරිකාවේ'  සැබෑ මුහුණුවර මින් මනාව හෙළිවේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම