ඩ්‍රෝන යානා නිපැයුම් සිහිනය සොයා යන නව යොවුන් තරුණයෙක්
2022-05-12 14:55:40
Share with:

21 හැවිරිදි Liang Zhenwei නම් චීන තරුණයෙක් කුඩා කාලයේ සිට ඩිජිටල් නිෂ්පාදන වලට ඉතා උනන්දුවෙන් දක්වූවා. 2016 වසරේ මධ්‍යම පාසලේ උපාධිය ලැබීමෙන් පසු, ඔහු ඩ්‍රෝන තාක්ෂණය ගැන මාධ්‍ය වාර්තාවක් දුටුවා. එහි සඳහන් වූ අධි තාක්ෂණ කරුණුවලින් ඔහු ආකර්ෂණය වුණා. ඩ්‍රෝන යානා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා දකුණු චීනයේ Guangzhou හි කාර්මික විද්‍යාලයක් තෝරා ගන්න ඔහු තීරණය කළා.

එහෙත් ඩ්‍රෝන යානා ඉගෙන ගැනීමේදී, ඔහු දැන ගත්තේ ඊට ඇති ඇල්ම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඩ්‍රොන් යානා පියාසර කිරීම පමණක් නොව,න්‍යායේ සිට සැලසුම් ආකෘති නිර්මාණය,එකලස් කිරීම සහ දෝශ නිරීක්ෂණය,අලුත්වැඩියා කිරීම යන බොහෝ දැනුම් ඉගෙන ගත යුතු යි.

දැඩි උනන්දුව හා අඛණ්ඩව දැරූ උත්සාහ නිසා ඔහු කාර්මික විද්‍යාලයේ ඩ්‍රෝන යානා තරඟ කණ්ඩායමේ නායකයා ලෙසට තේරි පත් වූණා. එමෙන්ම විවිධ තරඟ වල සම්පූර්ණ කිරීමෙන් පසු සිය විද්‍යාලය වෙනුවෙන් ගෝලීය මට්ටමේ තරඟයක් වන රුසියාවේ Kazan නගරයේදී පැවති ලෝක නව නිපැයුම්කරුවන් ගේ තරඟයට ඔහු එක්වූණා.  

2019 වසරේ 18 හැවිරිදි ඔහු එම තරඟයේදී ඩ්‍රෝන යානා මෙහෙයවීම සඳහා රිදී පදක්කම සාර්ථකව දිනා ගත්තා. විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු ඩ්‍රෝන යානා පර්යේෂණ සහ සංවර්ධන ඉංජිනේරුවෙක් බවට පත්වූණා.ඩ්‍රොන යානා ඉගැන්වීම් උපකරණ සංවර්ධනය සහ තරඟ ව්‍යාපෘති පර්යේෂණ කටයුතු වල ඔහු නියැළි සිටිනවා. ඩ්‍රො‍න් යානා  මගින් වඩාත් උස,වඩාත් පලළ් දර්ශනයක් දැකීමට අපට ඉඩ ලබා දී අපගේ දෘෂ්ටිය ව්‍යාප්ත කෙරෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම