දේශපාලන උපාමාරු නිසැකවම ගින්නකට තුඩු දී තමාටම හානි කර ගැනීමක් බවට ඇමරිකාව අවබෝධ කර ගත යුතු යැයි ඇතැයි චීන විදේශ අමාතංශය කියයි
2022-05-12 14:31:00
Share with:

ඇමරිකානු රාජ්‍ය මණ්ඩල වෙබ් අඩවිය පසුගිය 5වැනිදා "ඇමරිකා-චීන තායිවාන පලාතේ සබඳතා පිළිබඳ කරුණු ලැයිස්තුව" යාවත්කාලීන කර සංශෝධනය කර තිබේ.

මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවයි. තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීන මහජන සමූහාණ්ඩුව  මුළු චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. මෙය ජාත්යන්තර ප්‍රජාවගේ පොදු එකඟතාවක් හා පොදුවෙන් පිළිගත් ජාත්‍යන්තර සබඳතා මූලධර්මයක් බව, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනෙන්, තායිවාන ප්‍රශ්නය හා එකම චීනය යන මූලික මූලධර්මය පිළිබඳව ඇමරිකාව දැඩි ප්‍රතිඥාවක් දී කර ඇති බව, Zhao Lijian මහතා අවධාරණය කළේ ය.  "ඇමරිකා-චීන තායිවාන පලතේ සබඳතා පිළිබඳ කරුණු ලැයිස්තුව" ඇමරිකාව සංශෝධිත කිරීම, පෙර සදහන් මූලධර්මවලට පටහැනි වංචනික ක්‍රියාකි. චීනයේ තායිවාන ප්‍රශ්නයට දේශපාලන උපාමාරු භාවිත කිරීම මෙන්ම, තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කිරීම, නිසැකවම ගින්නකට තුඩු දී තමාටම  හානි කර ගැනීමක් බවට ඇමරිකාව අවබෝධ කර ගත යුතු යැයි  ඇතැයි Zhao Lijian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම