උතුම් හෙද සේවයට උපහාර පුදමු
2022-05-12 15:12:53
Share with:

මාසයකට පමණ පෙර, චීනයේ ෂැන්සි පළාත ඉතා දරුණු කොරොනා වසංගත වැළැක්වීම් හා පාලන තත්වයකට මුහුණ දුන්නේය. වසංගතයට එරෙහිව සටන් කිරීමට වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නොසිටි අතර, පළාතේ ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරු සහ හෙදියෝ වහා එහි කැඳවනු ලැබූහ. ෂැන්සි පළාතේ කටු චිකිත්සා රෝහලේ තරුණ හෙදියක වන වං යාඕ වසංගතයට එරෙහි සටනට සහභාගි වීම සඳහා ඉදිරි පෙළ සේවාවන් යාමට අයදුම් කළාය. න්‍යෂ්ටික අම්ල නියැඳීමේ කටයුතුවල නිරත වීම සඳහා ඇය නිරෝධායන හෝටලයක රඳවනු ලැබුවාය.

දිනක් එම හෝටලයේදී කෙරුණු PCR ‍පරීක්ෂණයකින් පසු, මාසයකට පමණ ඉහත දරුවෙකු ප්‍රසූත කළ කාන්තාවක් හදිසියේම ක්ලාන්ත වූවාය. එම කාන්තාව ඉතා දුර්වල ලෙස හුස්ම ගනිමින් සිටි අතර, දරුණු තත්ත්වයක පසුවූවාය. එම තත්වය දුටු වං යාඕ ඉක්මනින් එම කාන්තාව වෙත ගිය අතර, තමාගේ අනන්‍යතාව හෙළි කිරීමෙන් පසු, බිම දණ ගසා‌ගෙන එම කාන්තාවට ප්‍රථමාධාර ලබාදීම ඇරඹුවාය. විනාඩි කිහිපයකින් පසු  එම කාන්තාවගේ චර්යා ක්‍රමයෙන් ස්ථාවර විය. ගිලන් රථය පැමිණි පසු ඇයට එහි නැඟීමට ද සහය වූ වං යාඕගේ  ඇඳුම් සියල්ලම දහදියෙන් තෙත් ව තිබිණ.

රෝගී සත්කාරක සේවා සහ ජීවිත බේරාගැනීම සඳහා වං යාඕ ඇතුළු සියලු හෙදියෝ වෙහෙස මහන්සියෙන් කැපවී සිටිති.

අද(12) ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ලොව පුරා සිටින සියලුම හෙදියන්ට, විශේෂයෙන් වසංගතයේ ඉදිරි පෙළ හිඳිමින් උදාර සේවාවක නිරත හෙදියන්ට අපි උපහාර දක්වමු.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම