අඟහරු ග්‍රහයා මත ගොඩබැස සිටින ‘ගිනි දෙවියා’
2022-05-12 09:35:27
Share with:

චීනයේ චන්ද්‍ර ගවේෂණ යානා මාලාව, ‘චාන්-අ’ලෙසයි නම් කර තියෙන්නේ, පුරා වෘත්තවල සඳහන් පරිදි චාන්-අ යන්න, ස‍ඳේ සිටි දෙව්දුවගේ නාමය යි. එසේම චාන්-අ දෙව්දුවගේ සුරතල් හාවා, ‘යූටූ’ නැත්තම් ‘ජේඩ් හාවා’ කියා කියන නිසා, චන්ද්‍ර ගවේෂණ රෝවරයේ නම ලෙස ඒ ‘ජේඩ් හාවා’ යන්න යොදා ගෙන තිබෙනවා.

චීනයේ අඟහරු ගවේෂණ යානය, ‘ටියන්වෙන් 1’ ලෙස හැඳින් වෙනවා. එය, පැරණි කාලයේ කවියෙකුගේ ප්‍රකට දිගු කවියක මාතෘකාවයි. ලෝකය, මානවයා, සොබාදහම ගැන විමසීම එහි තේරුමයි. ඒ අතරම අඟහරු ගවේෂණ රෝවරයේ නම ජූ‍රොන්ග්. පුරා වෘත්තවල සඳහන් පරිදි, ජූ‍රොන්ග් කියන්නේ ගිනි දෙවියායි . ජූ යන අකුරෙන් සදාකාලිකත්වය කියැවෙන අතර රොන්ග් කියන්නේ ආලෝකයයි. ගිනි දෙවියාට සදාකාලීනව මානවයන්ට ආලෝකය ගෙන දීමට ඉන් ප්‍රාර්ථනා කෙරෙනවා. ‘ජූරොන්ග්’ රෝවරය අඟහරුග්‍රහයා මත ගවේෂණය කිරීමෙන්, ගිනි දෙවියා අඟහරු ග්‍රහයා මත ගොඩබැස සිටීම සංකේතවත් කෙ‍රෙනවා. මානවයන්ගේ ග්‍රාහක ගවේෂණ මෙහෙයුම සඳහා ගින්නක් දල්වා මානවයන් විශ්වය ගවේෂණයට මඟපෙන්වමින් මානවයන්ගේ ස්වයං අභිබවා යාම ඉටු කිරීම, ඉන් කියැවෙනවා.

ජූරොන්ග් රෝවරය වසර 2021 මැයි 22වනදා සිට අඟහරුග්‍රහයා මත ගවේශණ ගමන ආරම්භ කළා. අගෝස්තු මාසයේ 23වනදා ජූරොන්ග් රෝවරය අඟහරුග්‍රහයා මත දින 100ක් සුරක්ෂිතව සිය කාර්යයේ නිරතවූ  අතර ගමන් කළ දුර ප්‍රමාණය  මීටර් 1000ක් දක්වා ළඟා වුණා.  පසුගිය මාර්තු මස 24 වන දා වන විට ජූරොන්ග්, අඟහරුග්‍රහයා මත දින 306ක් ගත කළ අතර සමස්ත ගමනේ දුර මීටර් 1784ක්.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම