යුරෝපයේ තත්ත්වය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ප්‍රංශ හා ජර්මන් නායකයන් සමග සාකච්ඡා පවත්වයි
2022-05-12 11:11:56
Share with:

මැයි 9 සහ 10 යන දිනවල, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා සමඟ වීඩියෝ ආකාරයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමඟ ද දුරකථන සාකච්ඡාවක නිරතවිය. යුරෝපයේ ආරක්ෂාව යුරෝපා රටවල් සතුව පැවතීමට සහාය දෙන බව ෂී ජින් පිං මහතා‍ එම සාකච්ඡාවල දී සඳහන් කළේය.

මාස දෙකක් ගත වී ඇතත් රුසියාව සහ යුක්රේන  ගැටුම ලිහිල් වීමේ සලකුණක් නොපෙනේ. යුරෝපය මෙම ගැටුමේ ප්‍රධාන ගොදුරක් බවට පත්ව ඇති අතර වඩ වඩාත් කැපී පෙනෙන ආරක්ෂක අභියෝගවලට මුහුණ දෙමින් සිටී. යුරෝපයේ අධිකාරීත්වය සීමා කිරීම සහ යුරෝපා මූලෝපායික ස්වාධීනත්ව ක්‍රියාවලියට බාධා කිරීම රුසියානු-යුක්රේන ගැටුම තවදුරටත් ඇවිලවීමට ඇමරිකාව දරන උත්සාහයේ  වැදගත් අරමුණකි. ගෝලීය ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට වඩා විශාල සහ කල්පවත්නා තර්ජනයන් එල්ල කරන කණ්ඩායම්  සම්බන්ධයෙන් විශේෂයෙන් සුපරීක්ෂාකාරී විය යුතුය. චීනයේ යෝජනාව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා විසින් පිළිගෙන ඇත.

ඓතිහාසික වශයෙන්, කණ්ඩායම් ගැටුම් ජාත්‍යන්තර ආරක්ෂාවට විශාල තර්ජනයක් වී ඇත‍. රුසියානු-යුක්රේන ගැටුම රුසියාවේ ආරක්ෂක අභිලාෂයන් නොතකා නේටෝව අඛණ්ඩව නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමේ බරපතල ප්‍රතිවිපාකයකි. බොහෝ යුරෝපා රටවල් නේටෝ සංවිධානයේ සාමාජිකයෝ වෙති. "ඇමරිකානු උගුලට" හසු වී ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීමේ මෙවලමක් බවට පත්වීම වෙනුවට ඔවුන් තම අවශ්‍යතාවලින් ආරම්භ කර රුසියාව සමඟ සහජීවනයෙන් සිටීමේ ක්‍රමයක් සොයා ගත යුතු අතර යුරෝපා මහද්වීපයේ දීර්ඝ කාලීන සාමයක් උදාකර ගත යුතුය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම