ඇතැම් රටවල් හොංකොං අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හොංකොං විශේෂ පරිපාලන කලා‍ප රජයේදැඩි දෝෂ දර්ශනය
2022-05-11 11:12:23
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලා‍පයේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා තෝරාගැනීමේ මැතිවරණය පිළිබඳව ජී 7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් හා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයා පළ කළ පදනම් විරහිත විවේචන සහ අසත්‍ය සමාලෝචන හොංකොං විශේෂ පරිපාලන කලා‍ප රජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි.

එය චීන අභ්‍යන්තර කටයුත්තකි. එවැනි ප්‍රකාශ හොංකොං කරුණුවලට මැදිහත් වීමක් බවත්, එය ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝනය කිරීමක් බවත් හොංකොං විශේෂ පරිපාලන කලා‍ප රජයේ ප්‍රකාශකයා ඊයේ (10) පැවසීය. 

ප්‍රධාන විධායක නිලධාරිවරයා තෝරාගැනීමේ මැතිවරණය මූලික නීතිය යටතේ පසුගිය 8 වෙනිදා විවෘත, සාධාරණ සහ අවංක ලෙස පවත්වා ඇති බව ද හෙතෙම පැවසීය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම