අභියෝග හමුවේ සාර්ථක ඉදිරි ගමනක නිරත ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය
2022-05-11 15:35:25
Share with:

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දිගු කාලයක් පුරා, සංචාරක කර්මාන්තයට අමතරව රටේ ආර්ථිකය පිළිබඳ වැදගත් ‍සංරචකයක් ලෙසට සැලකේ. එහි ආර්ථිකයට දායකත්වය සියයට 6ත් 7ත් පමණ වන නමුත්,  සමස්ත නිෂ්පාදන කර්මාන්තය සඳහා දායකත්වය අඩකට ආසන්න වේ. ඉන් බිහිවන ඍජු රැකියා අවස්ථා 350,000කි. ලාංකිකයින් 700,000කගේ ජීවනෝපාය එමගින් සැලසී තිබේ. 

දැනට දේශීය වශයෙන් ඇති අභියෝග හා වසංගතය මධ්‍යයේ වුවද ඇඟලුම් කර්මාන්තයේ දායකත්වය, පෙර සේම කැපී පෙනේ.  වර්තමානයේ දී රටේ ඇඟලුම් කම්හල් 300 ක් පවතී. ඉකුත් වසරේ දී ඒවායින් ඇ.ඩො. බිලියන 5.4ක අපනයන ආදායමක් හිමිවිය. මෙම වසරේ පළමු කාර්තුවේදී ඇඟලුම් අපනයනයෙන් රටට ඇ.ඩො. බිලියන 1.39ක ආදායමක් උපයාගෙන තිබේ. එම සංඛ්‍යාව, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 11ක වැඩිවීමකි. 

වසර 2017 සිට 2022 වසර දක්වා වන කාලය තුළ, ඇඟලුම් කර්මාන්තයේ පළමු කාර්තුවල සේවා දායකත්ව ඉකුත් වසර හා සසඳනාත්මකව බලන විට, වසංගතය මූලිකව මතු වූ 2020 වසරේ සිදුවූ මඳ පහත වැටීමක් හැරෙන්නට සෙසු වසර පහම ස්ථිර වර්ධන තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඇඟලුම් කර්මාන්තය රටේ ආර්ථිකයට ඉතාම ශක්තිමත්ව, ස්ථිර ලෙස දායක වූ බව ඉන් පැහැදිලිව දැක්විය හැකිය. 

වසංගතයට මුහුණ දීමේදී ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන්නන් ඉතා දැඩි ලෙස වසංගත පාලන විධිවිධාන ක්‍රියාත්මක කිරීම, එම කර්මාන්තය ලද සාර්ථකත්වයට ප්‍රමුඛ හේතුවකි. එම කර්මාන්තයෙන් ප්‍රකට වන නම්‍යශීලිත්වය, නිර්මාණශීලිත්වය නම් එය තිරසර ලෙස වර්ධනය කර ගනිමින් සැඟවුණු හැකියා තවතවත් ඉස්මතු කළ හැකිවනු ඇත.  ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ශක්තිමත්ව අඛණ්ඩව සිය මෙහෙයුම් සිදු කරමින් සිටින බව ද දක්නට ලැ‍බේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම