ඇමරිකාව මුදල් ප්‍රතිපත්තිය හදිසියේ වෙනස් කිරීමෙන් සමස්ත‍ ලෝකයම අර්බුදයක
2022-05-11 11:08:23
Share with:

මුදල් ප්‍රතිපත්තිය හදිසියෙන් වෙනස් කළ ඇමරිකාව සමස්ත ලෝකයම අර්බුදයකට යොමු කරයි.

මිනුම් පොළී අනුපාතය 0.5%කින් ඉහළ දමා එළඹෙන ජුනි මස සිට ශේෂ පත්‍ර හැකිලීමකට ඇමරිකානු ෆෙඩරල් සංචිතය පියවර ගත තිබේ. ආක්‍රමණශ්‍රීලී දැඩි මුදල් ප්‍රතිපත්තිය මගින් ගත වූ වසර 40 තුළ වාර්තාවූ ඉහළ ම උද්ධමන මුහුණ දීම ප්‍රධාන අරමුණයි.

පළමුව, ඇමරිකානු ෆෙඩරල් සංචිතය මිනුම් පොළී අනුපාතය ඉහළ දැමීම හරහා ඇමරිකානු ඩොලර් අගය මත වන දෙපළ කෙරෙහි ඇති ආකර්ෂණය වැඩි කිරීමෙන් නව ආර්ථික වෙළඳපොලවල මුදල් විදේශයන්ට ගලා යාමේ හා මුදල් වටිනාකම අඩු වීමේ අවදානම් උග්‍ර කර ඇත. දෙවැන්න, ඇමරිකානු ඩොලර් වටිනාකම ඉහළ යාමත් සමඟම වෙනත් මුදල් වටිනාකම් අඩු වීමෙන් සෙසු රටවල් ජනතාවගේ භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව පහළ යමින් දැනට දැඩි අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවතින ආර්ථීක ඒකකයන්හි ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලියට හානි එල්ල කරනු ඇත.

ලෝකයේ විශාලතම ආර්ථීක ඒකකයක් ලෙස‍ට ඇමරිකාවේ ආර්ථික පසූබෑමක් සිදුවුව හොත් විශාල අවදානම් මතු වනු ඇත. එය සමස්ත ලෝකයම සැමවිටම වැළැක්විය යුතු අවදානමකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම