තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවේ සාමකාමී වර්ධනය කිසි වෙකුට හෝ බාධා කළ නොහැකි ප්‍රවණතාවක්
2022-05-11 15:27:46
Share with:

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවේ සාමකාමී වර්ධනය බාධා කළ නොහැකි ප්‍රවණතාවක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාල ප්‍රකාශිකා ජූ ෆෙංලියන් මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ එම කාර්යාලයේ අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය.

පස් වැනි තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තරුණ සංවර්ධන සාකච්ඡාව අද පෙරවරුවේ හන්චෝ නගරයේ දී ඇරඹිණ. විපර්යාසයන්ට මුහුණ දී ඇති  ලෝකය තායිවාන සමුද්‍ර සන්ධි තත්ත්වයට අස්ථිරබවක් ගෙන දී තිබේ. වසංගතය හා තායිවාන දූපතේ ඇතැම් පුද්ගලයින්ගේ බලපෑම් හේතුවෙන් දෙපස අතර හුවමාරු හා සහයෝගතාව බාධාවට ලක් විය. කෙසේ වුවද තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තරුණ සංවර්ධන සාකච්ඡා ක්‍රියාකාරකමේ සත්කාරක පාර්ශ්වයන්ගේ උත්සාහය හා දෙපසේ තරුණයින්ගේ උනන්දුව ඇතිව, එම සාකච්ඡාව දුෂ්කරතා මගහැර අඛණ්ඩව පස්වතාවක් පවත්වා ඇත. එය තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තරුණ ප්‍රජාව අතර වැදගත් අදහස් හුවමාරු වේදිකාවක් බවට පත් වූ බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාල ප්‍රකාශිකා ජූ ෆෙංලියන් මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම