ලෝකයට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සාමයට හිතැති රටවල් සමඟ කටයුතු කිරීමට කැමති බව, චීනය පවසයි
2022-05-11 19:19:40
Share with:

ලෝකයට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සාමයට ආදරය කරන සහ සංවර්ධනය අපේක්ෂා කරන රටවල් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව, චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී , ගෝලීය සංවර්ධන මුලපිරීම සහ අනෙකුත් යෝජනා පිළිබඳව අදහස් දැක්වීය. ඔහු පැවසුවේ, ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ගෝලීය ආරක්ෂාව සක්‍රියව ක්‍රියාත්මක කිරීම සඳහා සාමයට ආදරය කරන සහ සංවර්ධනය අපේක්ෂා කරන සියලුම රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

මෑතකදී, "ගෝලීය සංවර්ධන මුලපිරීමේ මිතුරන්ගේ කණ්ඩායම" නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉහළ මට්ටමේ සම්මන්ත්‍රණයක් වීඩියෝ ආකාරයෙන් පැවැත්වීය.ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ තිරසර සංවර්ධනය සඳහා වන 2030 එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා චීන ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරීමේ වැදගත්කම පිළිබඳව සමුළුවට සහභාගි වූ බොහෝ රටවල නියෝජිතයන් ධනාත්මකව අදහස් පළකළහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම