අන්තවාදීන්ගේ අභියෝග නොතකා හොංකොං විශේෂ පරිපාලන කලාපය සමෘද්ධිය කරා ඓතිහාසික ගමනක
2022-05-10 11:27:18
Share with:

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලා‍පයේ නව ප්‍රධාන විධායක නිලධාරි තෝරාගැනීමේ මැතිවරණය පසුගිය 8 වනදා සාර්ථකව පැවැත්විණ. ජී 7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් හා යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයා නිවේදන නිකුත් කරමින් එම මැතිවරණය පිළිබඳව හිතාමතාම පදනම් විරහිත විවේචන පළ කර ඇත. එහෙත්, හොංකොංහි මැතිවරණ ක්‍රියාවලිය විමසා බැලීමේදී, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කුහකත්වයත්, එම ප්‍රකාශයන්හි අසත්‍ය බවත් පැහැදිලි වේ.

හොංකොං විශේෂ පරිපාලන කලා‍පයේ නව ප්‍රධාන විධායක නිලධාරි තෝරාගැනීමේ මැතිවරණය, නව මැතිවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පැවැත්වූ පළමුවන මැතිවරණයයි. මෙවර පැවති 6 වන ප්‍රධාන විධායක නිලධාරීන්ගේ මැතිවරණය ද නීත්‍යනුකූල, සාධාරණ, යුක්ති සහගත, ආරක්ෂිත හා අවංක මැතිවරණයකි. අදාළ නව ප්‍රතිපත්තියට අනුව, මැතිවරණ කමිටුවේ සාමාජික සංඛ්‍යාව 1200 සිට සිට 1500 දක්වා වැඩී වී තිබේ. සාමාජිකයන් නියෝජනය කරන ක්ෂේත්‍ර හතර, පහක් දක්වා ව්‍යාප්ත විය.එමගින් තේරී පත්වූ නව ප්‍රධාන විධායක නිලධාරීහු වඩාත් පූර්ණ සමාජයීය නියෝජනයක් සහතික කර සිටිති. එමෙන්ම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය සියයට 97.74ක් වන අතර, එම අනුපාතය හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනයට ආපසු එක් වීමෙන් පසු වාර්තා වූ ඉහළම අගයකි. තේරී පත් වූ ප්‍රධාන විධායක John Lee Ka-chiu මහතා ඡන්ද දිනාගත් අනුපාතය සියයට  99.16ක් වන අතර, ඊට පෙර ප්‍රධාන විධායක ප්‍රධානීන්ගේ අනුපාත හා සැසඳීමේදී එය නව වාර්තාවක් ද වේ. 

මෙවර චීනයේ හොංකොං හි ප්‍රධාන විධායක නිලධාරි තේරීමේ මැතිවරණය, ‘හොංකොංහි දේශපාලන බහුත්වවාදයට එල්ල කරන ප්‍රහාරයක්’ බවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චෝදනා නගා තිබේ. එම රටවල ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ ජගත් සබඳතාවේ මූලික ප්‍රමිතීන් උල්ලංඝනයකි. එමෙන්ම එය, "එක් රටක්, ක්‍රම දෙකක්" යන ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ සත්‍යය හිතාමතා අපකීර්තියට පත්කිරීමකි.

නව මැතිවරණ ක්‍රමය යටතේ නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත්වීමත් සමග හොංකොං විශේෂ පරිපාලන කලාපය නවයුගයක ආරම්භයේ රැඳී සිටියි.ඇමරිකාවේ සහ බටහිර රටවල ඇතැම් බලවේග කෙතරම් පහර එල්ල කළද, හොංකොං විශේෂ පරිපාලන කලාපය සමෘද්ධිය කරා යන ඓතිහාසික ප්‍රවණතාවට බාධා සිදුනොවනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම