හංගේරියාවේ නව ජනපතිනියට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-05-10 20:20:14
Share with:

චීන ජනාධිපතිවරයා, හංගේරියාවේ නව ජනාධිපතිනිය වෙත සුබ පැතුම් පිරිනමයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා,  හංගේරියාවේ ජනාධිපති ධුරයට පත් Katalin Novak මහත්මියට අද (10) සුබ පැතුම් පණිවුඩයක් යොමුකළේය.

හෙතෙම එහිදී පෙන්වා දුන්නේ, මෑත වසරවලදී දෙරටේ උසස් පෙළේ නිලධාරීන් අතර සමීප සම්බන්ධතාවක් පවතින බවයි. දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවන්හි විශාල ප්‍රගතියක් දක්නට ලැබේ. චීන-හංගේරියානු සබඳතා ඉහළින් වැදගත් කොට සලකන ෂී ජින් පිං මහතා, නව ජනාධිපතිනිය සමග එක්ව දෙරටේ දේශපාලනික විශ්වාසය හා ආවේණික මිතුදම තහවුරු කිරීමට කැමැත්තෙන් සිටී. ද්විපාර්ශ්වික සබඳතාව, ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම මෙන් ම චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල සහයෝගිතා වැඩිදියුණු කරමින් චීන-හංගේරියානු පූර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වය ඉහළ මට්ටමකට රැගෙන යාමට කැමති බව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩය මගින් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම