ඇමරිකානු රජයේ “සුදු අත්වැසුම්” කොපමණ කළු පැහැති ද
2022-05-10 11:19:41
Share with:

ඇමරිකාවේ NED හෙවත් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික දායාදය’ නමැති සංවිධානය පිළිබඳ සැබෑ කරුණු ලැයිස්තුවක් චීන විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය නිකුත් කරයි. එම සංවිධානය ඇමරිකානු රජයේ “සුදු අත්වැසුම්” බවට පත්වෙමින් කළ අවකල්ක්‍රියා පසුගියදා නිකුත් කළ එම ලේඛනයෙන් හෙළිදරව් විය.

1983 දී ආරම්භ වූ ඊනියා රාජ්‍ය නොවන සංවිධානයක් වන NED සෙසු රටවල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සහාය සැපයීමේ නාමයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්හි නිරත වේ. වසර ගණනාවක් තුළ, ඊට ධවල මන්දිරයෙන් සහ ඇමරිකානු කොංග්‍රසයෙන් මූල්‍ය ආධාර අඛණ්ඩව ලැබී ඇත. NED මූල්‍ය ආධාර මගින් ලෝකයේ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන හසුරුවනු ලබන අතර, ඉලක්කගත රටවල් සහ කලාප වෙත ඇමරිකානු වටිනාකම් අපනයනය කිරීම සිදුවේ. ඉන් එම රටවල සහ කලාපවල ගැටළු සහ බෙදීම් නිර්මාණය කරනු ලැබේ.

ජාත්‍යන්තර ප්‍රජාව NED සංවිධානයට "දෙවන CIA" යනුවෙන් නමක් ලබා දී ඇත. පසුගිය වසර 40 තුළ, එහි ක්‍රියාකාරකම් විමසීමේදී ඔවුන් එම නාමයට සුදුසු බව පෙනේ. මධ්‍යම ආසියාවේ සිට ලතින් ඇමරිකාව දක්වා, උතුරු අප්‍රිකාවේ සිට නැගෙනහිර යුරෝපය දක්වා, NED හි දැවැන්ත අඬු බොහෝ ස්ථාන වෙත විහිදී ඇත. සෝවියට් සංගමය විසුරුවා හැරීම, ජෝර්ජියාවේ "රෝස විප්ලවය", යුක්රේනයේ "තැඹිලි විප්ලවය" සහ "අරාබි වසන්තය" ඇතුළු ඇමරිකානු උසිගැන්වීම් තුළින් සැලසුම් කළ බොහෝ "වර්ණ විප්ලව" පිටුපස NED සංවිධානය දැකිය හැකිය. එහි ප්‍රධාන ඉලක්කයක් ලෙස, චීනයේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය ද විශාල ලෙස පීඩාවට පත්ව ඇත.

සැබැවින්ම NED යනු, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබඳ ඇමරිකාවේ ස්වයං අභිලාෂයට සේවා සපයන උපකරණයක් බව බොහෝ සාක්ෂි තුළින් සනාථ වී ඇත. එමගින් විසුරුවා හැරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව, කඩාකප්පල්කාරී භාවය හා බෙදීම් ඇති කරන විෂ පමණකි. ඉන් හිමිවන ප්‍රතිලාභ ඇමරිකානු ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සමත් වෙයි.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම