ප්‍රචණ්ඩත්වයෙන් මිදී සාමකාමී වන්නැයි ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලයි
2022-05-10 17:51:26
Share with:

ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් මිදී සාමකාමී වන්නැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

රටේ පොදු දේපළ ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව, ඊයේ (9) පැවති ආරක්ෂක මාධ්‍ය හමුවේදී ආරක්ෂක ප්‍රධානීන් තරයේ දැනුම් දී තිබේ.

කොළඹ ඇතුළු  දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 219 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් මියගිය මුළු සංඛ්‍යාව 8 කි. නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමෙන් මියගිය තිදෙනා අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ද වෙයි.

මේ අතර, සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැණවූ ඇඳිරි නීතිය 11 වැනිදා උදේ වන තුරු ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම