අර්බුද හමුවේ පවා සැබෑ රාජ්‍ය පාලනයක විශිෂ්ටත්වය ලොවට කියන චීන කොමියුනිස්ට් පක්ෂය
2022-05-09 14:24:31
Share with:

සමස්ත ලෝකයම අර්බුදකාරී අවස්ථාවකට මුහුණ පා සිටියදීත්, චීන කොමියුනිස්ට් පක්ෂය සැබෑ රාජ්‍ය පාලනයක ඇති වගකීම් සහගතභාවය ලොවට කියාපාමින් සිටින බව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ, අධ්‍යාපන අංශයේ හිටපු අධ්‍යක්ෂිකා, ප්‍රවීණ වැඩසටහන් නිර්මාණවේදිනී එරීන් විජේකෝන් මහත්මිය කියාසිටී. එය ඔවුන් ශතවර්ෂයක් පුරා කළ ඉවසිලිවන්ත කැපවීමෙන් ලද ශික්ෂණය බව ද ඇය පෙන්වාදෙයි.

කොවිඩ් වසංගතය නිසා උද්ගත වූ තත්ත්වයන් හමුවේ ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍ය පවා දැඩි පීඩාවන්ට මුහුණ පා සිටී. එහෙත් චීනය මේ කාල වකවානුව තුළත්, තම ආර්ථික වර්ධනය, විදේශීය ආයෝජන හා අපනයන ස්ථාවරව පවත්වා ගැනීමට සමත් වීම කැපීපෙනෙන කාරණයකි. මීට බලපෑවේ, චීන කොමියුනිස්ට් පක්ෂය සතු දූරදර්ශී මෙන්ම ජනතා අභිමුඛ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති බව පැහැදිලි කරුණකි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය නාලිකාවේ මාධ්‍යවේදිනියක ලෙස, චීන මහ ගොඩබිම් කලාපයේත්, මැකෞ විශේෂිත පරිපාලන කලාපයේත් චාරිකා කළ අවස්ථාවන්හිදී චීනයේ ක්‍රමික සංවර්ධනය සියැසින් දුටු බව විජේකෝන් මහත්මිය සිහිපත් කරයි. දශක කිහිපයක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂය තම දේශය ඔසවා තැබූ ආකාරය සුවිශේෂයි. චීනය සෑමවිටම අභියෝග ජයගැනීම පිළිබඳ ආදර්ශ සැපයූ දේශයකි.

ලොව ආර්ථික බලවතෙකු බවට පත්වෙමින් චීනය මේ ඉලක්ක සාක්ෂාත් කළේ සුවිසල් ජනගහණයක් ද විශිෂ්ට ලෙස මෙහෙයවා ගනිමිනි. තම රටට ගැලපෙන ආකෘතියක් හා දිගුකාලීන සැලසුම් ඔස්සේ චීන කොමියුනිස්ට් පක්ෂය තම දෙවන සියවස් ඉලක්කය ද ඉදිරියට රැගෙන යන ආකාරය අතිශය ප්‍රශංසනීය බව, එරින් විජේකෝන් මහත්මිය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම