ගෝලීය පාලනය "ආසියානු මොහොත" වෙත පිවිසෙන වර්තමානයේ ලෝකය ආසියානු හඬට සවන් දිය යුතු බව චීනය කියයි
2022-05-09 10:24:40
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා සහ කාම්බෝජයේ උප අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය Prak Sokhonn මහතා අතර හමුවක් පැවැත්වේ. ඊයේ(8), වීඩියෝ ආකාරයෙන් එය පැවැත්විණ.

ලබන මාසයේ සිට, BRICS රටවල නායක සමුළුව, නැගෙනහිර ආසියානු සහයෝගිතා පිළිබඳ නායක රැස්වීම් මාලාව, G20 නායක සමුළුව හා APEC නායකයන්ගේ නිල නොවන රැස්වීම, චීනය, කාම්බෝජය, ඉන්දුනීසියාව හා තායිලන්තය විසින් වෙන් වෙන්ව  පවත්වනු ඇත. ගෝලීය පාලනය ක්‍රමයෙන් "ආසියානු මොහොත" වෙත පිවිසෙමින් සිටින බව, වං යී මහතා සඳහන් කළේ ය.

සීතල යුද්ධ මානසිකත්වය හඳුන්වා දීම සහ කඳවුරු ගැටුමක් ප්‍රවර්ධනය කිරීම, ආසියාවේ වසර ගණනාවක් පුරා පැවති සාමකාමී හා සංවර්ධන තත්වය විනාශ කරනු ඇතැයි, වං යී මහතා අවධාරණය කළේ ය. ආසියානු රටවල් ඒ පිළිබඳව අවදියෙන් සිටින අතර, එය එක්ව වර්ජනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම