වසරේ මුල් මාස හතර තුළ චීනයේ විදේශ ආනයන සහ අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 12 ඉක්මවයි
2022-05-09 15:27:55
Share with:

මෙම වසරේ මුල් මාස හතර තුළ, චීනයේ විදේශ වෙළඳ ආනයන සහ අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 12.58 ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 7.9% ක වැඩිවීමකි.

චීන රේගු පරිපාලනය අද (9) නිකුත් කළ එම දත්තවලට අනුව, මුල් මාස හතරේ සමස්ත අපනයන නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 6.97 ක් වන අතර, එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 10.3% ක කැපීපෙනෙන වැඩිවීමකි. ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 5.61 ක් වන අතර, එය 5% කින් වර්ධනය වී ඇත.

මෙම වසරේ මුල් මාස හතර තුළ, චීනයේ විශාලතම වෙළඳ සහකරු බවට පත්ව ඇත්තේ ආසියාන් සංවිධානයයි. එය චීනයේ විදේශ වෙළඳ වටිනාකමෙන් 14.6% ක් වේ.

එම කාලය තුළ, චීනය සහ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළට සම්බන්ධ රටවල් අතර ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 3.97 ක් වන අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා 15.4% ක වැඩිවීමකි. RCEP (කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම) හි අනෙකුත් සාමාජික රටවල් 14 සමඟ ආනයන සහ අපනයන නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 3.84 ක් වන අතර එය 3.9% කින් ඉහළ ගොස් ඇත.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම