යුක්රේන ජනපති හා කැනේඩියානු අගමැති අතර හමුවක්
2022-05-09 10:27:38
Share with:

යුක්රේන ජනාධිපති Volodymyr Oleksandrovych Zelensky මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin Trudeau මහතා හමු වේ.

ඊයේ (08) Zelensky ජනාධිපතිවරයා එම හමුව පිළිබඳ ඡායාරූප සිය සමාජ මාධ්‍ය තුළින් නිකුත් කරමින් කියා සිටියේ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ යුක්රේන සංචාරය ඉතා වැදගත් වන බවයි. පොදු ප්‍රයත්න ඔස්සේ දෙරටට සියලු අභියෝග ජය ගත හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

එම හමුවෙන් පසු නායක දෙපළ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. කැනඩාව යුක්රේනයට ඩ්‍රෝන් කැමරා, චන්ද්‍රිකා ඡායාරූප, කුඩා ආයුධ හා උණ්ඩ මෙන් ම බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති සඳහා අරමුදලක් ද ලබා දෙන බව එහිදී ප්‍රකාශ විය.

මේ අතර , Zelensky මහතා සහ Justin Trudeau මහතා ඊ‍යේ(8) Kiev නුවරදී ජී-7 කණ්ඩායමේ නායකයන්ගේ දුරකථන රැස්වීමකට එක් වූහ. රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය ක්‍රමයෙන් නතර කිරීමට හෝ අත්හිටුවීමට එහිදී ජී-7 කණ්ඩායම තීරණය කර ඇත. වෙනත් ආකාරවලින් රුසියාවට අත්‍යවශ්‍ය සේවා ලබාදීම නතර කිරීමට කටයුතු කරන බව ද එම කණ්ඩායම පවසා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම