චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය ස්ථාපිත වීමේ 100 වැනි සංවත්සරය සැමරීමේ සම්මේලනය චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ලබන 10දා
2022-05-08 21:00:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ තරුණ ලීගය ස්ථාපිත වීමේ 100 වැනි සංවත්සරය සැමරීමේ සම්මේලනය එළඹෙන 10 වැනිදා පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතව තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කරනු ඇත.

චීන මාධ්‍ය සමූහය, ෂින්හුවා පුවත් සේවයේ වෙබ් අඩවිය එම අවස්ථාව සජීවිව වාර්තා කරයි. www.people.com.cn, www.cctv.com, www.china.com.cn යන වෙබ් අඩවිය සහ People's Daily, ෂින්හුවා හා cctvnews යන දුරකථන යෙදුම් ඔස්සේද එම අවස්ථාව  සමගාමීව විකාශය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම