රැකියා නියුක්ති ප්‍රවර්ධනය පිළිබඳ රූපවාහිනී හා දුරකථන ජාතික සමුළුවක්
2022-05-08 18:20:49
Share with:

රැකියා නියුක්ති ප්‍රවර්ධනය පිළිබඳ රූපවාහිනී හා දුරකථන ජාතික සමුළුවක් චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(7) බෙයිජිංහිදී පැවැත්විණ.

රටේ රැකියා නියුක්ති තත්ත්වය හා ආර්ථිකය  ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා රැකියා නියුක්ති ප්‍රවර්ධන ප්‍රතිපත්තිය පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ලී කච්‍යං මහතා එම සමුළුවේදී විවිධ ප්‍ර‍දේශ හා විවිධ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

වසංගත පාලන විධිවිධාන අනුගමනය කරමින් ව්‍යාපාරවලට නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර විධිමත් ලෙස එහි ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යාමට පහසුකම් සලසා දිය යුතුය. මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාර අසීරුතා මඟහැර එහි රැකියා අවස්ථා සහතික කිරීම සඳහා, අනුග්‍රාහී බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ යුතුය. විශ්වවිවද්‍යාලීය සිසුන්‍ හා ග්‍රාමීය ප්‍රදේශවලින් නගරවලට පැමිණ රැකියා කරන පිරිස්වල රැකියා නියුක්ති සේවාව යහපත් කළ යුතුය. රැකියා විරහිත පුද්ගලයින්ගේ මූලික ජීවිතය සහතික කරමින් වෘත්තීය පුහුණු රට පුරා විශාල වශයෙන් පැවැත්විය යුතු යැයි ද හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම