ඇමරිකා මග ‍ගොස් අතරමං වන බ්‍රිතාන්‍යය
2022-05-08 19:52:19
Share with:

සෙනසුරාදා(7) දිනයේ බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය මැතිවරණයෙන් ජය ගත් Sinn Féin පක්ෂය, උතුරු අයර්ලන්ත ප්‍රදේශයේ පරිපාලන බලය අත් කර ගත්තේය. බ්‍රිතාන්‍යයෙන් වෙන් වී ‘එක්සත් අයර්ලන්තයක්’ බිහි කිරීම, වසර 1905හේ දී  ස්ථාපිත එම පක්ෂයේ ස්ථාවරය වේ.

බ්‍රිතාන්‍ය රජයට නම්, උතුරු අයර්ලන්තයේ දේශපාලන විපර්යාසය, දැනට මුහුණ පා ඇති අභියෝගවලින් එකක් පමණය. වසංගත පාලනය තුළදී බ්‍රිතාන්‍ය රජය දැක්වූ දුර්වල කල්ක්‍රියාව පුළුල් විවේචනයකට ලක් විය. මෑතකදී පැවති ප්‍රාදේශීය මැතිවරණයෙන්  පාලක පක්ෂය වන කොන්සර්වටිව් පක්ෂයට සිය ගණනක ප්‍රාදේශීය පාර්ලිමේන්තු අසුන් අහිමි විය. යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් රටට ඇති වූ සැපයුම් දාමයේ ගැටළුව, ශ්‍රම සම්පත් ගැටළුව හා මෑතකදී බලශක්ති මිල ඉහල යාම ඇතුළු සාධක හේතුවෙන් දැනට බ්‍රිතාන්‍ය ආර්ථිකය දැවැන්ත අසීරුතාවකට ගොදුරු වී තිබේ.

දෙස් විදෙස් ප්‍රශ්න අඛණ්ඩව උග්‍ර වුවද, බ්‍රිතාන්‍ය රජය ඒවාට නිසි විසඳුම් සොයා ගැනීමට තැත් නොකර ඇමරිකාව අනුගමනය කරමින් සිය බලහත්කාරී බව පෙන්නුම් කිරීමට උනන්දුවෙන් සිටියි. ඇමරිකාවේ ඊනියා ඉන්දු පැසිෆික් උපායමාර්ගයට බ්‍රිතාන්‍යය සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි. නේටෝ සංවිධානයේ නැගෙනහිරට ව්‍යාප්තිය සඳහා  බ්‍රිතාන්‍යය දිරි ගන්වයි. රුසියානු යුක්‍රේන ගැටළුවේදී ඇමරිකාවේ ගෝලයෙක් සේම එරට සමග එක්ව රුසියාවට නොකඩවාම සම්බාධක පනවයි. එසේම ‍හොංකොං, ෂින්ජියං, තායිවාන ප්‍රශ්න ප්‍රයෝජනයට ගනිමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමටත් ප්‍රයත්න දරයි. එවන් නිර්භීත යැයි ඔවුන් උපකල්පනය කරන ක්‍රියාවලින් ‘ගෝලීය මහ බ්‍රිතාන්‍යයේ’ ස්වරූපයක් ගොඩනැගීමෙහි එරට නියැළී සිටින බව පෙනේ.

අද ද “ හිරු නොබසින අධිරාජ්‍යයේ” සිහිනයෙන් බ්‍රිතාන්‍යය තවමත් අවදි වී  නැතුවා සේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම