නව බලශක්ති මෝටර් රථ චීන ග්‍රාමීය ජනතාව‍ගේ වැඩි ප්‍රියතාවට ලක් වේ
2022-05-07 17:40:03
Share with:




චීනයේ ෂන්දොං පළාතේ සියාඕසයියූ ගම්මානයේ ගම් වැසියෙක් වන ලී යූගං අලුතෙන් විදුලි බල වාහනයක් මිලට ගත්තා. එහි මිල යුවාන් එක්ලක්ෂයක්. විදුලි මෝටර් රථයක් මිලට ගන්නන් සඳහා ප්‍රාදේශීය රජය යුවාන් 3000ක දීමනාවක් ලබා දෙනවා. විදුලි ආරෝපණය සිදු කිරීමේ දී  එම දීමනාවෙන් විදුලි ගාස්තුව ප්‍රතිපූරණ විය හැකියි.

භාණ්ඩ ප්‍රවාහනය කිරීම ලී යූගංගේ ජීවනෝපාය යි. ඉන්ධන යොදා ගැනෙන මෝටර් රථයකින් නම් මාසිකව ඉන්ධන ගාස්තු යුවාන් තුන් හතර දහසක් වැය කිරීමට සිදු වෙනවා. විදුලි මෝටර් රථයකින් නම්, විදුලි බිලට වැය වෙන්නේ යුවාන් පස් හය සීයයක් පමණයි

චීනයේ ගම්බද ප්‍රදේශවල වැඩියෙන් අලෙවි කෙරෙන නව බලශක්ති මෝටර් රථවල සාමාන්‍ය මිල යුවාන් තිස් දහසත් අසූ දහසත් අතර වෙනවා. පූර්ණ විදුලි ආරෝපණයකට සාමාන්‍යයෙන් යුවාන් තිහක පමණ විදුලි ගාස්තුවක් දැරී‍මට සිදු වෙනවා. එක් ආරෝපනයකින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය කිලෝමීටර් 400ක් පමණ වෙනවා. ඒ අනුව නම්, සෑම කිලෝමීටර් සියයක දුර ධාවනය සඳහා පිරිවැය, යුවාන් 10කටත් වඩා අඩුයි. නව බලශක්ති මෝටර් රථ, පරිසර හිතකාමී වගේම,  පසුම්බියටත් හොඳ නිසා, එය ග්‍රාමීය ජනතාව‍ගේ වැඩි ප්‍රියතාවට ලක් වී තිබෙනවා.

මේ අතර විදුලි බල වාහන පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ ප්‍රදේශ අනුග්‍රාහී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබෙනවා.

වසර 2020සේ සිට, හයිනන් පළාතේ ගැමියෙක් යුවාන් තිස්අට දහස් අට සියයක මිලක් ඇති විදුලි මෝටර් රථයක් මිලට ගත්තොත්, යුවාන් විසි දහසක දීමනාවක් ලබා ගත හැකියි. වසර 2022කේ ෂැන්දොං පළාත් වැසියන් නව බලශක්ති මෝටර් රථ මිලට ගත්තොත්, යුවාන් පනස් දහසක දීමනාවක් උපරිම වශයෙන් ලබා ගත හැකියි.

බෙයිජිං නගරයේ සැලැස්ම වන්නේ, වසර 2025 වන විට මුළු නගරයේ විදුලි බල මෝටර් රථවලට විදුලි ආරෝපණ ටැඹ  හත්ලක්ෂයක් ඉදි කිරීමයි. විදුලි ආරෝපණය, ඉන්ධන පිරවීම් සේ පහසු කරවීම ඉලක්කයයි.

බහුවිධ ප්‍රතිපත්තිමය අනුබලය යටතේ චීනයේ ගම්බද ප්‍රදේශවල වසර 2021කේ නව බලශක්ති මෝටර් රථ මිලියන 1.07ක් පමණ අලෙවි කර තිබුණා. වසර 2020ට වඩා එය දෙගුණයකට ආසන්න වැඩිවීමක්. මෙම වසරේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇතැයි වෙළෙඳපොල වි‍ශ්ලේෂකයන් පවසා තිබෙනවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම