බ්‍රික්ස් රටවල සංවර්ධනය පිළිබඳව චීන ජනාධිපතිවරයා චීනයේ යෝජනාව පැහැදිලි කරයි
2022-05-07 18:07:37
Share with:

2019 වසරේ නොවැම්බර් මාසයේ 14 වැනිදා බ්‍රික්ස් රටවල නායකයින්ගේ 11 වැනි හමුව බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවරදී පැවැත්වුණා. බ්‍රික්ස් රටවල් බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින් සාමකාමී පරිසරයක් ගොඩනැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම හමුවේදී දේශනයක් කරමින් අවධාරණය කළා‍.

ගත වූ වසර 3 තුළ, සෙසු රටවල් හා කලාප මෙන් බ්‍රික්ස් රටවල සංවර්ධනය නව කොරොනා වසංගත අභියෝගයට මුහුණ දුන්නා. බ්‍රික්ස් රටවල සහයෝගිතා යටතේ, චීනය බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කරමින් වසංගත පාලනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතාවලට අඛණ්ඩව ශක්තිය ලබා දී තිබෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ 22 වැනිදා බ්‍රික්ස් රටවල එන්නත් පර්යේෂණ මධ්‍යස්ථානය මාර්ගගතව ආරම්භ වුණා. ඒ යටතේ බ්‍රික්ස් රටවල් පහ එන්නත් සංවර්ධනය පිළිබඳ විවිධ ක්ෂේත්‍රයන්හී ගැඹුරු සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් සිටිනවා.

තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳව ද ෂී ජින් පිං මහතා බ්‍රික්ස් රටවල නායකයින්ගේ 11 වැනි හමුවේදී සිය අදහස් දැක්වුවා. වෙළඳාම, ආයෝජනය, ඩිජිටල් ආර්ථිකය සහ අන්තර් සම්බන්ධතාවය යනාදී ක්ෂේත්‍ර ඊට ඇතුලත් වෙනවා‍.

බ්‍රික්ස් රටවල සහයෝගිතාවට වසර 16 ක් ගත වෙලා. එය දිනෙන් දින ශක්තිමත් හා පුළුල් වෙමින් පවතිනවා. බ්‍රික්ස් රටවල් පහේ ශක්තිය වැඩිදියුණු වීමත් සමඟ, ලෝක ආර්ථිකය, ලෝක පාලනය සහ නව ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට වැදගත් ගාමක බලයක් බවට බ්‍රික්ස් රටවල් පත් වෙලා තිබෙනවා.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම