තාරුණ්‍යයේ සුරතින් සුරැකෙන ලොව විශාලත තනි විවරය සහිත දුරේක්ෂය
2022-05-07 14:55:36
Share with:

නිරිතදිග චීනයේ Guizhou පළාතේ Pingtang කෝරළයේ ඉදිකෙරුණු “චීන අහස් ඇස" හෙවත් FAST ගුවන් විදුලි දුරේක්ෂය, ලොව විශාලතම තනි විවරය සහිත සහ වඩාත් සංවේදී ගුවන් විදුලි දුරේක්ෂයයි. චීනයේ ස්වාධීන බුද්ධිමය දේපළ අයිතිවාසිකමක් වන  මීටර් 500 විවරයකින් යුතු මෙම ගෝලාකාර රේඩියෝ දුරේක්ෂයේ(Five-hundred-meter Aperture Spherical radio Telescope) ඉදිකිරීම් හා ක්‍රියාත්මක කිරීම සඳහා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පවතිනවා.එහි සේවය කරන  කණ්ඩායමේ සාමාජිකයන් 100කට වඩා වැඩි පිරිසකගේ වයස්වල සාමාන්‍ය අගය අවුරුදු 34ක් වීම විශේෂත්වයක්. FAST ගුවන් විදුලි දුරේක්ෂය ආරක්ෂා කරන්නන් ලෙස ඔවුන් හැඳින්වෙනවා. ඒ අතර සිටින Sun Chun නම් තරුණ මිනුම් සහ පාලන ඉංජිනේරුවරිය වයස අවුරුදු 25 සිට 35 දක්වාම,  FAST ගුවන් විදුලි දුරේක්ෂය හා එක්ව සිටීම කැපීපෙනෙන කරුණක්. 

2012 වසරේ පශ්චාත් උපාධිය ලැබීමෙන් පසු, ඇය FAST ගුවන් විදුලි දුරේක්ෂයේ ඉදිකිරීම්වලට එක්වුණා. ආරම්භක කාලයේ සිට ඉදිකිරීම් කණ්ඩායම තුළ, දිගුකාලීනව රැඳී සිටි එකම කාන්තාව ඇයයි. FAST හි පරාවර්තන‍ කේබල් සකස් කිරීම හා විදුලි සහ ඔප්ටිකල් කේබල් සවිකිරීමේ කටයුතුවල ඇය නියැළී සිටිනවා.

එය කිසිසේත්ම පහසු කාර්යයක් නොවෙයි. දුරේක්ෂයේ සමස්ත ප්‍රමාණය තුළම කේබල් සවිකළ යුතුයි. දුරේක්ෂයේ පතුලේ සිට ශීර්ෂය දක්වා, ඇය සෑම දවසකම කිලෝමීටර හයත් හතත් අතර දුරක් ගමන් කළ යුතු වනවා. එමෙන්ම ඉදිකිරීම් මුල් අවදියේදී, එහි ජීවන පහසුකම් අඩුමට්ටමක පැවතුණා. මේ දුරබැහැර කඳුකර ප්‍ර‍දේශයේ දී ඇය ඇතුළු කණ්ඩායම විවිධ අසීරුතාවන්ට මුහුණදුන්නා.

එහෙත් ඇය දරූ උත්සාහය අපතේ ගියේ නැහැ. මේ වන විට, FAST දුරේක්ෂය භාවිත කරමින් අඳුරු තාරකා හෙවත් පල්සර් තාරකා 500 කට වැඩි ප්‍රමාණයක් විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එමෙන්ම අධිවේගී රේඩියෝ තරංග පිළිබඳ විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රවල වැදගත් ප්‍රතිඵල රැසක් එමගින් හිමිවුණා. අදාළ pulsar තාරකා නිරීක්ෂණය කිරීමේදී තමා දැඩි ලෙස ඊට ආකර්ෂණය වූ බවත් ඇය පැවසුවා. "මම හිතන්නේ එය ඉතා ලස්සනයි, මගේ කාර්යය හරිම අර්ථවත්" තරුණ ඉංජිනේරුවරිය Sun Chun පවසනවා.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම