යුක්රේනයේ සාමය සඳහා ආරක්ෂක මණ්ඩලයේ ඒකමතික ඉල්ලීම ජගත් මහ ලේකම්වරයා ගේ පැසසුමට
2022-05-07 12:24:07
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ඊයේ (6) ප්‍රකාශයක් නිකුත් කරමින් යුක්රේනයේ සාමය සඳහා ආරක්ෂක මණ්ඩලයේ ඒකමතිකව කළ ඉල්ලීම සාදරයෙන් පිළිගනී.

ආරක්ෂක මණ්ඩලය යුක්රේනයේ සාමය සඳහා ප්‍රථම වරට එකම හඬින් ඉල්ලා සිටි දිනය එදින බව ද ගුටරෙස් මහතා පැවසීය. වෙඩි හඬ නිහඬ කිරීමට සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වටිනාකම් ආරක්ෂා කිරීමට ලෝකය එක්විය යුතු බව හෙතෙම සඳහන් කළේය.

යුක්රේනයේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම පිළිබඳව "ගැඹුරු කනස්සල්ල" ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර සභාපති නිවේදනයක් නිකුත් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීමේ වගකීම එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් සතු බව එම නිවේදනයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම