ලාඕස ජාතික "කම්කරු පදක්කම" චීන මාධ්‍ය සමූහය වෙත පිරි නැමේ
2022-05-07 10:00:48
Share with:

චීන මාධ්‍ය සමූහයේ සේවකයෝ ලාඕස ජාතික "කම්කරු පදක්කම" දිනා ගනිති.

ලාඕස ප්‍රවෘත්ති, සංස්කෘතික හා සංචාරක අමාත්‍ය Suanesavanh Vignaket මහත්මිය ඊයේ (6) වියන්තියන් අගනුවරදී ලාඕස රජය වෙනුවෙන්, චීන මාධ්‍ය සමූහයේ ආසියා-අප්‍රිකා භාෂා වැඩසටහන් මධ්‍යස්ථානයේ ලාඕස භාෂා සේවා අධ්‍යක්ෂිකා Hua Chunmei මහත්මිය සහ වියන්තියන්හි චීන මාධ්‍ය සමූහයේ FM93 මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා Mo Xiaoling මහත්මිය වෙත එම සම්මානය පිරිනැමුවාය. චීන-ලාඕස මිත්‍ර හුවමාරුව වැඩි දියුණු කොට ලාඕස ජාතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දක්වන කැපී පෙනෙන දායකත්වය අගයමින් ඔවුන්ට එම සම්මානය පිරිනැමිණ.

චීන මාධ්‍ය සමූහය 1956 දෙසැම්බර් මාසයේ දී ලාඕස භාෂා විකාශය ආරම්භ කළේය. 2006 නොවැම්බර් මාසයේ දී චීන හා ලාඕස රාජ්‍ය නායකයන් ගේ මූලිකත්වයෙන් වියන්තියන් හි FM93 විකාශය ආරම්භ කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම