ලෝක සාම ඌණතාවට චීනයෙන් විසඳුමක්
2022-05-07 19:33:09
Share with:

ලෝක ආරක්ෂක මුල පිරුම පිළිබඳ යෝජනාව සාම ඌණතාව තුරන් කිරීමට මූලික විසඳුමක් ලබා දුන් බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි. 

ඊයේ(6) පැවති ‘රටවල් 20ක බුද්ධි මණ්ඩලවල මාර්ගගත සංවාදය’ට එක්වූ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Le Yucheng මහතා දේශනයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය. මෑත වසර කිහිපයක් තුළ සාමය හා සංවර්ධනය යන යුගයේ ප්‍රධාන තේමාව පෙර නොවූවිරූ ආකාරයේ තර්ජනයකට මුහුණ දී තිබේ.වගකීම් සහගත විශාල රටක් ලෙස චීනය සැමවිටම ලෝක සාමය හා ජගත් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් මානවයන්ගේ අනාගත ඉරණම සඳහා කැපවී සිටින බව හෙතෙම පැවසීය. 

වසර අටකට පෙර ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ සමුළුවේදී පොදු, සංයුක්ති, සහයෝගිතා හා තිරසර ආරක්ෂක සංකල්පය චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කරන ලදි.මෙම යෝජනාවෙන්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආත්මීය ලක්ෂණ ප්‍රවර්ධනය කෙරේ. සාම ඌණතාව තුරන් කිරීම සඳහා මූලික විසඳුමක් එම යෝජනාවෙන් සපයන අතර ජාත්‍යන්තර ආරක්ෂක අභියෝගවලට චීන විසඳුමක් ද ලබා දී තිබේ. 

චීනය ලෝක සාමයේ ආරක්ෂකයෙකු සහ ජාත්‍යන්තර ආරක්ෂාවට ධනාත්මක ශක්තියක් ලබා දෙන රටක් බව සැබෑ ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. චීනයේ සංවර්ධනය, ලෝක සාම ශක්තිය වැඩි කිරීමේ හා ලෝක ස්ථාවරත්වය දැඩි කිරීමේ සංවර්ධනයක් බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Le Yucheng මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම