ඉතිහාසය අමතක නොකළ යුතු ජපානය
2022-05-07 20:28:34
Share with:

ජපානයේ සාම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදෙයි. වසර 75කට පෙර, දෙවන ලෝක යුද්ධයේ දී සම්පූර්ණයෙන් පරාජයට පත්වීමෙන් පසු, ජපානය නව පශ්චාත් යුද ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් ‍කළේය. එහි 9 වැනි වගන්තියේ පැහැදිලිවම දක්වා ඇත්තේ ජපානය යුද්ධ ආරම්භ කිරීම, යුද  තර්ජනය  සහ යුද බලය ජාත්‍යන්තර ගැටුම් විසඳීමේ ක්‍රමයක් ලෙස භාවිත කිරීම සාදාකාලීනව අත්හරින බවයි. එම ඉලක්කය ඉටු කිරීම සඳහා යුද හමුදා හා වෙනත් යුද බලයන් තබා නොගෙන සිටින  ජපානය යුධ ආරම්භ කිරීමේ අයිතිය ද අත්හැර ඇත.

එබැවින් ජපානයේ නව ව්‍යවස්ථාව සාමවාදී ව්‍යවස්ථාවක් ලෙස ද හැඳින්වේ.දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු දිගු කාලයක් පුරා, සාමවාදය හේතුවෙන් ජපානයට ආසියාවේ සහ අනෙකුත් රටවල විශ්වාසය දිනා ගැනීමට හැකිවූ  අතර  ආර්ථිකය ස්ථිර ව සංවර්ධනය කිරීමට හැකි විය.

මෑතකදී, ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය, අගමැති Fumio Kishida වෙත රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක ප්‍රතිපත්ති සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කර ඇත. ජපානය සතුරාට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවත්වා ගත යුතු බවටත්,ජාතික ආරක්ෂක අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2කට වඩා වැඩි මට්ටමක තිබිය යුතු බවටත් ඉන් යෝජනා කර තිබේ. 

ආසියානු අසල්වාසි රටවලට සහ ලෝකයට පවා, ඇතැම් ජපන් දේශපාලනඥයන්ගේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ උත්සාහය " රණකාමීත්වය " ජපානයේ තවමත් පවතින බවට පැහැදිලි වන්නකි. දෙවන ලෝක යුද සමයේ, රණකාමීත්වය ක්‍රියාත්මක කරමින් ආක්‍රමණ යුද්ධය ආරම්භ කළ ජපානය ආසියානු අසල්වැසි රටවලට දැඩි වේදනා‍ ගෙන දුන්නේය. ජපානය ද න්‍යෂ්ටික අවි  පහර කෑමට ලක්වූ ලොව එකම රට බවට පත්විය. එම ඉතිහාස පාඩම් ජපානය අමතක නොකළ යුතුය.

ජපන් රජය දෙස් විදෙස් සාමයට ආදරය දක්වන මහජනතාවගේ හඬට සවන් දෙමින් ඉතිහාසයේ පාඩම් ගැඹුරුව ඉගෙන ගනිමින් සාමකාමී සංවර්ධන මාවත ඔස්සේ අඛණ්ඩව ගමන් කළ යුතුය.රණකාමීත්වය අනුගමනය කර ව්‍යවස්ථා සංශෝධන  වැනි අවදානම් ක්‍රියාවන්ට අයුතු ලෙස ඉඩ දුනහොත්, ඇතැම් ජපන් දේශපාලනඥයන් තවත් දැවැන්ත අසාර්ථකත්වයකට මුහුණ දෙනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම