වස‍ර ආරම්භයේ චීන ආර්ථිකයේ අධි ගුණාත්මක සංවර්ධනයක්
2022-05-07 10:08:08
Share with:

වස‍ර ආරම්භයේ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතින අතර අධි ගුණාත්මක සංවර්ධනයක්  අත් කර ගැනීමට ද සමත් ව තිබේ.

පළාත්, ස්වයං පාලන කලාප හා මධ්‍යම රජයේ ඍජු පාලනය යටතේ පවතින නගර ඇතුළු පරිපාලන කලාප 31ක් වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනයන් හි ප්‍රධාන දර්ශක නිකුත් කර තිබේ. ඒ ඒ ප්‍රදේශ වලට දෙස්-විදෙස් තත්ත්වයන් ගෙන් එල්ල වූ අභියෝග රැසක් ජය ගෙන අධි ගුණාත්මක ආර්ථික සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට හැකිවී ඇති බව එම දර්ශකයන් ගෙන් පිළිබිඹු වෙයි.

ඒ අතරින්, ග්වන්තුං ඇතුළු පළාත් 11ක දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ට්‍රිලියන 1කට අධික ය. පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂ ව එම වටිනාකම ට්‍රිලියන 1 ඉක්මවූ පළාත් සංඛ්‍යාව 3කින් වැඩි වී ඇති බව ද එහි සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම