නේටෝ සංවිධානයේ කෲර ප්‍රචණ්ඩකාරී ඉතිහාසය චීනය හෙළි කරයි
2022-05-06 20:00:18
Share with:

වසර 1999 මැයි මස 7 වනදා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය, යුගොස්ලෝවියා ජනරජයේ චීන තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. ඉන් චීන මාධ්‍යවේදීන් තුන් දෙනෙකු මියගිය අතර 20කට වැඩි චීන රාජ්‍යතාන්ත්‍රිකයින්ට තුවාල සිදුවිය. චීන ජනතාවට නේටෝ සංවිධානයේ එම කෲර ප්‍රචණ්ඩත්වය කිසිදු දිනක අමතක නොවනු ඇත. එබඳු ඛේදවාචකයක් යළි සිදු වීමට චීනය ඉ‍ඩ නොදෙන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා අද(6) පැවසීය.

ආරක්ෂණ සංවිධානයක් ලෙස ස්වයංව නම් කර ගෙන සිටින ‍නේටෝ සංවිධානය, බහුවරක් ජගත් නීතිරීති කඩ කර විවිධ  රටවලට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ග ‍‍‍ගෙන ඇත. එම ක්‍රියාමාර්ග ලෝක හා කලාපීය සාමය විනාශ කර විශාල සංඛ්‍යාත සිවිල් වැසියන්ගේ මරණය හා අවතැන්වීමට තුඩු දී තිබෙන බව ද ඔහු කියා සිටියේය.‍‍‍

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම