කොවිඩ් 19 වෛරසයට එරෙහිව සිව් වැනි එන්නත් මාත්‍රාව ලබා දීමට නිර්දේශ
2022-05-06 18:42:51
Share with:

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නතේ සිව් වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අංශය නිර්දේශ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව දෙවන බූස්ටර් එන්නත වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා ලබන සඳුදා සිට ලබාදීමට නිර්දේශ කර තිබේ.

වයස අවුරුදු 20-60 අතර ඌණ ප්‍රතිශක්තිකරණය සහිත අයට එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කෙරේ. වයස අවුරුදු 12-16 අතර දරුවන් සඳහා පළමු මාත්‍රාව ලබාදී තිබෙන බවත් දෙවැනි මාත්‍රාව ලබාදීමට නිර්දේශ කර තිබෙන බව ද අමාත්‍යවරයා දැනුම් දුන්නේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම