පසුගිය බදාදා(4) වනවිට ඇමරිකාවේ නව කොරොනා වසංගතයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගිය බව ඇමරිකානු NBC ගුවන් විදුලි සමාගම වාර්තා කරයි. එය එම රටේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වූ නව ඛේදජනක සංඛ්‍යාවයි.
එය සැබවින්ම කම්පනය දනවන සංඛ්‍යාවකි. ලෝකයේ එකම සුපිරි දැවැන්ත රට වශයෙන්, ඇමරිකාව වසංගත පාලනය අතින් අසාර්ථකම රට බවට පත් ව ඇත්තේ කුමන හේතු මත ද? ‘වාසී හඹා යමින් ජීවිත නොතැකීම’, ‘ආධිපත්‍යය හඹා යමින් මානව හිමිකම් නොතැකීම’ ඇමරිකානු වසංගත පාලනය, ඇමරිකානු මානව හිමිකම් විපතක් බවට පත්වීමේ මූලික හේතු ලෙසට පැහැදිලිවම පෙන්විය යුතුය.
නව කොරොනා වසංගතය මතුවූ මුල් කාලයේ එවක ඇමරිකානු රජය විද්‍යාත්මක ප්‍රශ්නයක් ලෙසට සැලකිය යුතුව තිබූ වසංගත පාලනය, දේශපාලනීකරණය කිරීමට ප්‍රයත්න දැරුවේය. ඔවුන් සිය පුරවැසියන් වෙත වසංගතයේ බරපතල බව අවම ලෙසින් ප්‍රචාරය කරමින් තම රජය දැරිය යුතුව තිබූ වගකීම් මඟහරිමින් සෙසු රටවලට එරෙහිව අපවාද නැගීමට උත්සාහ කළේය. වත්මන් රජය ද, එසේම හැසිරී තිබේ. එවන් දේශපාලන උපායන් තුළදී, ඇමරිකානු ජනතාවගේ ජීවිත බිලිදෙමින් ඇතැම් දේශපාලනඥයෝ පෞද්ගලික වාසී ලබා ගත්හ. වසංගතය උවදුරක් සේ පැතිර යමින්, ජනතාවගේ ජීවිතය බේරා ගැනීමට වෙන් කළ යුතුව තිබූ පිරිවැය, හමුදාමය සහනාධාරය වශයෙන් යුක්රේනයට ලබා දී ඇත. මේ අභූත හැසිරීම සිදු කළේ, මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳව සෑම විටම කතාබහ කිරීමට පුරුදු ඇමරිකාවමය. ඇත්ත වශයෙන්ම, ඇමරිකානු දේශපාලනඥයින්ගේ දෑස් තුළින්, විදේශයන් තුළ තම රටේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම, සිය ජනතාවගේ ජීවිත අයිතියට වඩා බොහෝ දුරට වැදගත් ය.