යුක්රේනයට ලබාදුන් බුද්ධි තොරතුරු රුසියානු ජෙනරාල්වරුන් කිහිපදෙනෙකු මරා දැමීමට ඇමරිකාවට උපකාරී වූ බවට ඇමරිකානු නිලධාරියෙකුගෙන් හෙළිදරව්වක්
2022-05-05 11:44:15
Share with:

යුක්රේනයට බුද්ධි තොරතුරු ලබා දුන් බවත්, එය රුසියානු ජෙනරාල්වරුන් කිහිප දෙනෙකු මරා දැමීමට ඇමරිකාවට උපකාරී වූ බව ඇමරිකානු නිලධාරියෙක් හෙළි කරයි.

නම් නොකළ ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ කථාවක් උපුටා දක්වමින් The New York Times පුවත්පත ඊයේ(4) මේ බව වාර්තා කළේය. මීට පෙර යුක්රේන හමුදාව පැවසුවේ, රුසියානු ජෙනරාල්වරුන් 12 දෙනෙකු මරා දැමූ බවයි.

එම පුවත්පතට අනුව, ඇමරිකාවේ ක්‍රියාවන්ට රුසියාවට ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දක්වනු ඇතැයි යන බිය නිසා, ඇමරිකානු රජය යුද පිටියේ බුද්ධි තොරතුරු රහසිගතව තබා ගැනීමට උත්සාහ කරයි. එහෙත් වත්මන් සහ හිටපු ඇමරිකානු හමුදා නිලධාරීන් පවසන්නේ, රුසියානු ජෙනරාල්වරුන් බොහෝවිට අනාරක්ෂිත දුරකථන හා වෝකිටෝකි සංවාදවල යෙදෙමින් ඉලෙක්ට්‍රොනික වශයෙන් අනවසර සවන් දීම්වලට නිරාවරණය වන බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම