ඇමරිකාව අයුතු ලෙස මූල්‍ය සම්බාධක පැනවීමෙන් ගෝලීයකරණයට හානි
2022-05-05 16:55:16
Share with:

ඇමරිකාව අයුතු ලෙස මූල්‍ය සම්බාධක පැනවීමෙන් ගෝලීයකරණයට හානි සිදු කරන බව එරට මාධ්‍ය හා විශේෂඥයෝ පවසති.

පසුගිය දා ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සඟරාව ලිපියක් පළ කරමින් පෙන්වා දුන්නේ ගත වූ දශක කිහිපයේ චීනය හා ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ගෝලීය වෙළඳ පද්ධතියට එක් වීමෙන් ලොව පුරා උද්ධමනය ඵලදායී ලෙස පාලනය කර ඇති බවයි. එහෙත් මෑත වසරවල ඇමරිකාව සිය බදු ප්‍රතිපත්තිය වෙනස් කර තිබේ. ඒ හේතුවෙන් ඇමරිකාවේ දේශීය උද්ධමනය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් ව ඇති අතර ව්‍යවසායන්හී ක්‍රියාකාරී පිරිවැය ඉහළ ගොස් ඇතැයි එම ලිපිය සඳහන් කරයි. එම ලිපියට අනුව, ඇමරිකාව අයුතු ලෙස මූල්‍ය සම්බාධක පැනවීම හේතුවෙන් විවිධ රටවල ජාත්‍යන්තර වෙ‍ළඳාම අනතුරුදායකට පත්ව ඇත. ඉන් ගෝලීයකරණයට හානි සිදු වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම