ඉන්දියාවෙන් මෙම වසරේ දී ඩොලර් බිලියන 3 කට වැඩි මුදලක ආර්ථික ආධාර
2022-05-04 16:34:29
Share with:

මෙම වසරේ දී ඩොලර් බිලියන 3 කට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලෙස ලබා දෙන බව ඉන්දියාව පවසයි. එම මුදල් රජයේ මෙන්ම ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉවහල් වනු ඇත. ආහාර ඖෂධ සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියනයක ණය පහසුකමක් දැනටමත් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ ප්‍රමුඛතාවලට අනුකූලව ඉන්දියාව අදාල පහසුකම් සපයනු ඇත. එමෙන්ම ඩොලර් මිලියන 500 ක ණය මාර්ගය යටතේ මේ දක්වා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් හාරලක්ෂයක් පමණ මෙරටට සපයා ඇති අතර තවත් තොග ඉදිරියේදී ලබාදීමට ඉන්දියාව සූදානමින් සිටී. ඉන්දීය සංචිත බැංකුව වෙත ගෙවීමට නියමිත ඩොලර් බිලියනයක ණය මුදල යලි ගෙවීම ද කල් දමා තිබේ. මීට අමතරව ඖෂධ හා වෛද්‍ය උපකරණ විශාල තොගයක් ද ඉන්දියාව මෙරටට පරිත්‍යාග ලෙස ලබාදී ඇතැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම