බටහිර රටවල් යුක්‍රේනයට අවි සැපයීම නතර කළ යුතු බව රුසියා ජනාධිපතිවරයා අවධාරණය කරයි
2022-05-04 14:58:28
Share with:

යුක්‍රේනයට අවි සැපයීම නතර කරන ලෙසට රුසියා ජනාධිපතිවරයා බටහිර රටවලට බලකර සිටී. ව්ලැඩ්මීර් පුටින් මහතා මේ බව සඳහන් කළේ ප්‍රංශ ජනාධිපතිවරයා සමග ඊයේ(3) දුරකථන සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදී ය.මරියෝපෝල් නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට රුසියාව ගන්නා උත්සාහයන් ද හෙතෙම එහිදී මැක්රොන් මහතා වෙත විස්තර කළ බව නිවේදනයක් නිකුත් කරන ක්‍රෙම්ලිනය සඳහන් කරයි.සංවාදය සඳහා රුසියාව සූදානම් බවද හෙතෙම පවසා තිබේ. ‍ගෝලීය ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයා දැක්වූ කණස්සල්ලට ප්‍රතිචාර දක්වා ඇති රුසියා ජනාධිපතිවරයා එම ගැටළුව වඩාත් තීව්ර කර ඇත්තේ රුසියාවට එරෙහිව බටහිර විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් බව සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම