රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් හේතුවෙන් අප්‍රිකාවේ ප්‍රධාන අර්බුද තුනක්
2022-05-02 14:51:15
Share with:

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් හේතුවෙන් අප්‍රිකාවේ ආහාර, බලශක්ති සහ මූල්‍ය යන අර්බුද තුන උග්‍ර වී ඇති බවත්, එය අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල දේශපාලන අස්ථාවරත්වයට සහ සමාජ නොසන්සුන්තාවයට හේතු විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා ඊයේ (1) පෙන්වා දුන්නේය.

අප්‍රිකාවේ ආහාර අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, වෙළෙඳපොළේ ආහාර හා බලශක්ති සැපයුම ස්ථාවරව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා අනවශ්‍ය අපනයන සීමා කිරීම් ඉවත් කර ආහාර මිල පාලනය කළ යුතු බව ගුටෙරෙස් මහතා සඳහන් කළේය. විවිධ රටවල් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කළ යුතු අතර ඇතැම් රටවලට උපායමාර්ගික සංචිත මුදා හැරීමට සිදුවනු ඇති බව ද හෙතෙම පැවසීය. මීට අමතරව, නව කොරොනා වසංගතයේ බලපෑමට සහ රුසියානු-යුක්රේන ගැටුමේ අහිතකර තත්ත්වයන්‍ට මුහුණ දීමට අප්‍රිකාවට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අප්‍රිකානු රටවල ණය අඩු කිරීමට සහ ආයෝජන වැඩි කිරීමට හදිසි ණය සහන යාන්ත්‍රණ ස්ථාපිත කළ යුතු ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ආහාර, බලශක්ති සහ මූල්‍ය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් පිහිටුවා ඇති බවත්, එය අර්බුදයට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන බලමුලු ගැන්වීමට උපකාරී වන බවත් ගුටෙරෙස් මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම