චීන ගුරුවරුන් තිදෙනා ගේ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට ක්‍රියා කරන බව පාකිස්ථාන කථානායකවරයා පවසයි
2022-05-02 16:58:34
Share with:

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සියළු උත්සාහයන් ගන්නා අතරම චීන ගුරුවරුන් තිදෙනා ගේ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට ක්‍රියා කරන බව පාකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායක රාජා පර්වයිස් මහතා පවසයි.ඉස්ලමබාද් නුවර පිහිටි එරට චීන තානාපති කාර්යාලයට පැමිණි හෙතෙම මිය ගිය චීන ගුරුවරුන් වෙනුවෙන් ශෝකය පළ කරමින්  මේ බව පැවසීය. එම දිවි අහිමි කළ ප්‍රහාරය, පාර්ලිමේන්තුව දැඩිව හෙළා දකින බවද කථානායකවරයා පැවසීය.ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම අත් නොහරින පාකිස්ථානය එරට වෙසෙන චීන ජාතිකයන‍්ගේ හා චීන ආයතනවල ආරක්ෂාව සුරක්ෂිත කරන බවද හෙතෙම අවධාරණය කළේ ය. දෙරට අතර මිත්‍රත්වය වර්ධනයට චීන මිතුරන්  වැදගත් දායකත්වයක් දක්වන අතර ඔවුන් පාකිස්ථාන ජනතාවගේ ඉහළ ගෞරවය හිමි ආගන්තුකයන් බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම