තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
2022-05-01 16:53:07
Share with:

ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ බෝට්ටු මගින් එවීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ සඳහා මධ්‍යම රජයෙන් අවසර ලබාගැනීමේ යෝජනාවක්, ප්‍රාන්ත මහඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, ඉන්දීය රුපියල් කෝටි 80 ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 40000ක්,  කෝටි 28ක් වටිනා ඖෂධ තොගයක් සහ කෝටි 15ක් වටිනා ළදරු කිරිපිටි ටොන් 500ක් මෙරටට එවීමට තමිල්නාඩු රජය සැලසුම් කර ඇත.

මධ්‍යම රජයේ අවසරය ලද පසු ඒවා බෝට්ටු මගින් එවීමට පියවර ගන්නා බව  ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම