චීන ජනපතිගේ "විද්‍යාව හා තාක්ෂණය බලවත් රටක ගොඩනැගීම වේගවත් කරමින්, ඉහළ මට්ටමේ ස්වාධීන තාක්ෂණික හැකියා සාක්ෂාත් කිරීම" " යන වැදගත් ලිපිය හෙට(1) පළවේ
2022-04-30 19:09:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ "විද්‍යාව හා තාක්ෂණය බලවත් රටක ගොඩනැගීම වේගවත් කරන අතර, ඉහළ මට්ටමේ ස්වාධීන තාක්ෂණික හැකියා සාක්ෂාත් කිරීම" යන වැදගත් ලිපිය, 9වැනි "සත්‍යය සෙවීම" නැමති සඟරාවේ හෙට(1) පළකෙරේ.

මෙම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ, පක්ෂයට සහ ජනතාවට, සෑමවිටම විද්‍යාව හා තාක්ෂණය මගින් ඉතා වැදගත් උපායමාර්ගික කාර්යභාරයක් ඉටුකෙරෙන බවයි. 

චීනයේ විද්‍යා හා තාක්ෂණික ශක්තිය ප්‍රමාණාත්මක වර්ධනයේ සිට ගුණාත්මක අදියරකට ගමන් කරමින් පවතින අතර, පද්ධතිමය හැකියාවන් වැඩිදියුණු කරගනිමින් සිටී.

මෙම ලිපියට අනුව, ජාතික උපායමාර්ගික විද්‍යාත්මක හා තාක්ෂණික ශක්තිය නංවන අතරම, ජාතික නවෝත්පාදන පද්ධතියේ සමස්ත කාර්යක්ෂමතාව වැඩිදියුණු කළ යුතු ය. එසේම  විද්‍යාත්මක හා තාක්ෂණික පද්ධතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනයෙන්, සම්පූර්ණ නවෝත්පාදනයට සහාය වීමේ මූලික පද්ධතියක් ස්ථාපනය කළ යුතුය.

විවෘත නවෝත්පාදන පරිසර පද්ධතියක් ගොඩනඟන අතර, ගෝලීය තාක්ෂණික පාලනයට සහභාගි විය යුතු ය. එසේම විවිධ දක්ෂතාවන්ගේ නවෝත්පාදන ජීව ශක්තිය උත්තේජනය කිරීමෙන්, ගෝලීය කුසලතා උස්බිමක් ගොඩනැගිය යුතු බව ද, ජනාධිපතිවරයාගේ ලිපියේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම