මෙරටට එවනු ලබන ඩොලර් කිසිවෙකුටත් සොරකම් කළ නොහැකි බව මහබැංකු අධිපති අවධාරණය කරයි
2022-04-30 15:43:35
Share with:

විදෙස්ගත ශ්‍රමිකයන් තම පවුලේ අය වෙනුවෙන් එවනු ලබන ඩොලර් කිසිවෙකුට සොරාගත නොහැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එම වටිනාකමට සමාන මුදලක් පවුලේ අය වෙනුවෙන් රුපියල් බවට පත්වන බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාවට ඩොලර් පරිත්‍යාග එවන ලෙස කළ ඉල්ලීම අනුව ආරම්භ කෙරුණු ගිණුම්වලට මේ වනවිට ඩොලර් 37 දහසක් ලැබී ඇතැයි ඔහු කියා සිටී. එම මුදල් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා යොදා ගැනේ. ආනයන සහ මෙරටට මුදල් එවීමේදී ඒවා දේශීය බැංකු ක්‍රමය මගින් සිදු කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලද පසු දැනට පනවා ඇති සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇත.

එසේම , අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රතිකාර වැනි මානුෂීය හේතු මත විදේශ වෙත කිරීමට ඇති ගෙවීම් සදහා අවශ්‍ය මුදල් බැංකු  මගින්ම ලබාදෙන ලෙස ද මහ බැංකු අධිපතිවරයා වාණිජ බැංකුවලට දැනුම්දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම